ගාලු කොටුව ප්‍රදීපාගාර වීදියේ පිහිටි ගොඩනැගිල්ලෙහි අළුත්වැඩියා කටයුතු සඳහා ලංසු කැඳවීම
මෙම අධිකාරියේ ගාල්ල, කොටුව, ප්‍රදීපාගාර වීදිය, අංක 81, ලිපිනයෙහි පිහිටි ගොඩනැඟිල්ලෙහි සිදු කළ යුතු සුළු නඩත්තු කටයුතු සඳහා පහත සඳහන් කොන්දේසි වලට යටත්ව මිල ගණන් කැඳවනු ලැබේ.
ඉංජිනේරු ප්‍රමාණ පත්‍ර හා මිල ගණන් කැඳවීමට අදාල කොන්දේසි ඇතුලත් ලංසු ලේඛණ 2024.08.04 දින සිට 2024.08.26 දින ප.ව. 3.00 දක්වා අංක 70, පාර්ලිමේන්තු පාර පැලවත්ත, බත්තරමුල්ල ලිපිනයෙහි පිහිටි මෙම අධිකාරියේ ප්‍රධාන කාර්යාලයෙන් සහ වලහන්දූව, වලහන්දූව වත්ත ලිපිනයෙහි පිහිටි අප ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයේ මුදල් අංශයට රු. 5000.00ක මුදලක් ගෙවා මිලදි ගත හැක. 2024.08.30 වන දින ප.ව. 1.30 දක්වා මුද්‍රා තබන ලද ලංසු ලේඛණ ලියාපදිංචි තැපෑලෙන් හෝ ප්‍රධාන කාර්යාලයේ පලමු මහලේ සේවා අංශයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට ගෙනවිත් බහාලීමෙන් ඉදිරිපත් කළ හැකිය.
සෙනසුරාදා, ඉරිදා හා රජයේ නිවාඩු දින හැර සතියේ දින වල අළුත්වැඩියා කල යුතු ඉහත ලිපිනයෙහි සඳහන් පරිශ්‍රය පරීක්ෂා කල හැකි අතර ලංසු ලේඛණ වල සඳහන් කොන්දේසි වලට යටත්ව සියළු මිල ගණන් ඉදිරිපත් කළ යුතුය. මෙම අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ සේවා අංශයට ,ගාල්ල, කොටුව, ප්‍රදීපාගාර වීදිය, අංක 81, ලිපිනයෙහි පිහිටි ආයතන පරිශ්‍රයට හෝ වලහන්දූව, වලහන්දූව වත්ත ලිපිනයෙහි පිහිටි ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයට පැමිණ ගෙවීමකින් තොරව ලංසු ලේඛණ පරික්ෂා කල හැක. කොන්ත්‍රාත් කාර්යය සදහා මිල ගණන් ඉදිරිපත් කිරීමේදි කොන්ත්‍රාත් ආයතනයට ඉදිකිරීම් සම්බන්ධව අවම C8 හෝ ඉන් ඉහල CIDA ආයතනයේ වලංගු ලියාපදිංචියක් තිබිය යුතුය.
ලංසු කැඳවීමේ ලේඛණ හා ඉංජිනේරු ප්‍රමාණ පත්‍රය මිල ගණන් කැඳවීමට අදාල කොන්දේසි සහිත ලේඛණ වලින් සමන්විත වේ. ලැබෙන සියළුම ලංසු 2024.08.30 දින ප.ව. 2.00 ට විවෘත කරනු ලැබේ.
මිල ගණන් විවෘත කිරීමේදී අදාල මිල ගණන් ඉදිරිපත් කරන ආයතනයේ බලයලත් නිලධාරියෙකුට ඊට සහභාගි විය හැක. මිල ගණන් ඉදිරිපත් කරන ලිපි කවරයේ වම්පස ඉහල කෙලවරෙහි අදාල කොන්ත්‍රාත් අංකය සඳහන් කර එවිය යුතුය. මිල ගණන් ඉදිරිපත් කිරීමේදී අනු පිටපත හා මුල් පිටපත යනුවෙන් සඳහන් පිටපත් දෙකක් ඉදිරිපත් කල යුතුය.මෙම කොත්ත්‍රාත් කාර්යයන් සඳහන් ලැබෙන මිල ගණන් අවලංගු කිරීමේ සම්පූර්ණ බලය ප්‍රසම්පාදන කමිටු සභාපති සතුය.