+94 117 909 021 dpmtea@gmail.com

වර්ථමානයේ ඉතා දැඩිව බලපා ඇති නියං කාලගුණ තත්වයෙන් තේ ගොවියා මුදවා ගැනීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද රාජ්‍ය අමාත්‍යතුමා සමග පැවති සාකච්ඡාව

වර්ථමානයේ ඉතා දැඩිව බලපා ඇති නියං කාලගුණ තත්වයෙන් තේ ගොවියා මුදවා ගැනීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද රාජ්‍ය අමාත්‍යතුමා සමග පැවති සාකච්ඡාව


තේ කර්මාන්තයට හානිකර ලෙස වර්ධනය වන නියං තත්වය නිසා දළු අස්වැන්න අඩුවීම පිළිබද කඩිනමින් ගතුයුතු ක්‍රියාමාර්ග පිළිබද විශේෂ සාකච්ඡාවක් 2020.03.02 දින කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදි පැවැත්විය.

තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මැතිතුමා , අධිකාරියේ සභාපති මහින්ද විදානපතිරණ මැතිතුමා , වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය, රාජ්‍ය ලේකම් අනුරාධ විජේකෝන් මහතා සහභාගි වූ මෙම සාකච්ඡාවට සභාපතිතුමාගේ උපදෙස් පරිදි කුඩා තේ වතු සමිති සංවිධානයේ විධායක කාරක සභාව අධිකාරියේ ඉහළ කළමනාකාරිත්වය හා සියළුම ප්රාද්ශිය කළමනාකරුවන් මේ සදහා සහභාගි විය. දීර්ඝ වශයෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගරු රාජ්‍ය අමාත්‍යතුමන් විසින් අතිගරු ජනාධිපතිතුමන් වෙත වාර්තාවක් ලබා දීමට කටයුතු කරන ලදී.