+94 117 909 021 dpmtea@gmail.com

නවක තේ පරීක්ෂක ව්‍යාප්ති නිලධාරින් පුහුණු කිරීමේ වැඩමුළුව

නවක තේ පරීක්ෂක ව්‍යාප්ති නිලධාරින් පුහුණු කිරීමේ වැඩමුළුව


Spread the love

“සෞභාග්‍යයේ දැක්ම – තේ පුනර්ජීවන අර්ධ දශකය 2021 – 2025“ යටතේ ගුණාත්මක හා සඵලදායි සේවාවක් කාර්යක්ෂම ලෙස සුළු තේ වතු හිමි ප්‍රජාවට දායක කිරීම සදහා 2019 වසරේ ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ ලිඛිත තරග විභාගයක් මගින් තෝරා ගනු ලැබූ පසුව මැතිවරණ කටයුතු හේතුවෙන් පත්වීම් බෙදා දීම තාවකාලිකව අත්හිටුවන ලද පත්වීම් ලාභීන් 19 දෙනෙකු අධිකාරියේ තේ පරීක්ෂක/ ව්‍යාප්ති නිළධාරින් ලෙස අනුයුක්ත කිරීමට ප්‍රථම ඔවුන්හට තම රාජකාරිය පිළිබද මනා අවබෝධයක් ලබා දීම පිණිස කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සහ ජාතික වැවිලි කළමනාකරණ ආයතනය එක්ව පවත්වන ලද පුහුණු වැඩමුළුව අද දින (2020.12.03) අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේදි (NIPM) පැවැත්විනි.