+94 117 909 021 dpmtea@gmail.com

ගරු අමාත්‍ය කනක හේරත් මැතිතුමා කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය වෙත පැමිණීම

ගරු අමාත්‍ය කනක හේරත් මැතිතුමා කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය වෙත පැමිණීම


ශ්‍රී ලංකාවේ තේ කර්මාන්ත භූමිකාවේ ඉතා වැදගත් සන්ධිස්ථානයක වගකීම මැනවින් භාරගනිමින් 2020.09.30 දින කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණි සමාගම් වතු ප්රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත භෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණ හා තේ අපනයන ප්‍රවර්ධන ගරු රාජ්‍ය ‍අමාත්‍ය කනක හේරත් මැතිතුමා සහ එම අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් තිලකරත්න බණ්ඩා මහතා  ඇතුළු සම්භාවනීය අමුත්තන් සමස්ථ ලංකා කුඩා තේ වතු සංවර්ධන සමිති සංවිධානය නියෝජනය කරමින් එහි ලේකම් ජගත් සෙනරත් පතිරණ මහතා, ගාල්ල දිස්ත්රික් කුඩා තේ වතු සමිති සම්මේලනයේ සභාපති ටී.එම්.රිචඩ් මහතා සහ ප්‍රධාන කාර්යාලයේ මාණ්ඩලික නිළධාරින් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබීය.
මෙම අවස්ථාව සදහා අධිකාරියේ සියළුම ප්‍රාදේශිය කළමනාකාරවරුන් සහ කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එම දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු කාර්යභාර නිළධාරින් හා තේ පරීක්ෂක නිළධාරින්ද සහභාගි වූ අතර ක්ෂේත්‍රයේ පවතින ගැටළු හා ඒ සදහා වූ යෝජනා හදුනාගනිමින් තේ ගොවියා හට ඉහළ වටිනාකමක් එක් කරමින් වාර්ෂික දළු නිෂ්පාදනයේ ගුණාත්මකභාවය හා නිෂ්පාදිතය වැඩිකිරීම, තේ වතු හිමියන්ගේ ජිවන මට්ටම නගා සිටුවීම, තේ වගාවේ නිවැරදි හා නව ක්‍රමවේද කුඩා තේ වතු හිමියන්ට හඳුන්වාදීම, නව වගා, නැවත වගා ප්‍රවර්ධනය සදහා වූ පුළුල් වැඩපිළිවෙලක් ඉදිරි වසර 05 තුල ක්‍රියාත්මක කිරීම පිළිබද මෙහිදී අවධානය යොමු විය.