+94 117 909 021 dpmtea@gmail.com

කුඩා තේ ඉඩම් වල විසිරි ජල පද්ධති ස්ථාපිත කිරීම සදහා සහනාධාර ලබා දීම.

Gallery Archive

කුඩා තේ ඉඩම් වල විසිරි ජල පද්ධති ස්ථාපිත කිරීම සදහා සහනාධාර ලබා දීම.


නියගයෙන් හානිවන ප්‍රදේශ වල පිහිටි අවමය අක්කරයක වපසරියකින් යුත් කුඩා තේ ඉඩම් වල විසිරි ජල පද්ධති ස්ථාපිත කිරීම සදහා සහනාධාර ලබා දීමට ඉල්ලුම්පත් කැදවනු ලැබේ.

අක්කර එකක (1) අවම හෝ උපරිම වපසරිය අක්කර දහයක(10) වූ කුඩා තේ ඉඩමක විසිරි ජල පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා රු. ලක්ෂයක (රු. 100000/=) සහනාධාර මුදලක් කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසින් ලබා දෙනු ලැබේ. තේ ඉඩමේ විසිරි ජල පද්ධතිය ස්ථාපිත කිරීම සදහා සහනාධාර මුදලට වඩා වැඩි වියදමක් දැරීමට සිදුවන්නේ නම් එම අවශ්‍ය අතිරේක මුදල සහනාධාරලාභියා විසින් දැරිය යුතුය.

මෙම සහනාධාරය ඉල්ලුම් කිරීම සදහා පහත සුදුසුකම් සපුරා තිබිය යුතුය.

  • අක්කර 1ත් අක්කර 10 ත් අතර වපසරියකින් යුත් කුඩා තේ ඉඩම් හිමියකු වීම (අක්කර 1 ත් 10 ත් ඇතුලුව)
  • තේ වගාවේ වයස අවුරුදු 15 හෝ ඊට වඩා අඩුවීම
  • තෝරා ගන්නා තේ ඉඩමට නියං කාල වලදී පවා වගාවට අවශ්‍ය පරිදි ජල සම්පාදනය කල හැකි ධාරිතාවයකින් යුත් ජල මුලාශ්‍රයක් පැවතීම. (අක්කර එකක් සඳහා අවම වශයෙන් දිනකට ලීටර 25,000)
  • ජල සම්පාදනය කිරීම සදහා යොදා ගන්නා වතුර මෝටරය ක්‍රියාකරවීමට අවශ්‍ය විදුලි බලය හෝ වෙනත් විකල්ප බල ශක්තියක් යොදා ගැනීමට ඇති භෞතික අවශ්‍යතාවයන් තිබිය යුතු අතර හා මුල්‍යමය පිරිවැයද දැරීමට එකග වීම.
  • විසිරි ජල පද්ධතිය ස්ථාපිත කිරීමේ දී සහනාධාර මුදලට අතිරේකව වැයවන මුදල දැරීමට කැමති විය යුතුය.
  • කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සහ සේවා ලාභින් මූලික විධිමත් ගිවිසුමකට එළඹිය යුතුය.

මෙම ව්‍යාපෘතිය සදහා තේ ඉඩම් තෝරා ගැනීමේ දී පහත නිර්ණායක වලට ප්‍රමුඛතාවය හිමි වේ.

  • තේ පර්යේෂණාතනය විසින් නියගයෙන් හානි වන ප්‍රදේශ වශයෙන් හදුනාගෙන ඇති ප්‍රදේශවල පිහිටි තේ ඉඩමක් වීම
  • තේ වගාවට නිර්දේශිත පරිදි දළු නෙලීම, නියමිත දළු රවුම පවත්වා ගෙන යාම, කප්පාදුව, කානු ගල්වැටි යෙදීම, සෙවන වගාව වැනි තේ පර්යේෂණාතනය මගින් නිර්දේශිත යහපත් කෘෂිකාර්මික පිළිවෙත් වගාව සදහා යොදා ගෙන ඇති තේ ඉඩමක් වීම.
  • කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ වගා සහනාධාර අවසරපත්‍රයක් ලබා ගෙන 2005 – 2020 (මෙම වර්ෂයන් ද ඇතුලුව) අතර කාලය තුල තේ පැල සිටුවා අවසන් කර ඇති තේ ඉඩමක් වීම.

ඔබත් ඉහත සුදුසුකම් වලින් සමන්විත තේ ඉඩමක් හිමි කුඩා තේ වතු හිමියකු නම් පහත සදහන් පෝරමය පුරවා දැන්ම අප වෙත යොමු කරන්න.

 

පෝරමය ලබාගැනීම සදහා මෙතන ක්ලික් කරන්න.